Thursday 22 March 2018

CRUSH එක




මතකද ඔයාට
ඉස්සර දවසක
පංතියෙ හවසක
හිටියා තනියම

දැක්කම ඔයාව
මොකද්ද වී මට
බැලුනා හැමවිට
ඔයා දිහාවම


එනමුත් ඔයාට
කතාකරන්නට
මුව ගොළුවී ඇත
කිමදැයි දන්නැත

එනමුත් දවසක
ඇවිදින් ඔයාම
හලෝ කියා මට
ඉල්ලුවා මගෙ පොත

සිත තුල තෙරපෙන
හැඟීම් එකිනෙක
ගලපා එකිනෙක
අකුරු කලා මම

හරවා පිටුපස
කොලේ පොතේ මම
හැඩකල අකුරෙන්
ලිව්වා මගේ සිත

පොත දී ඔබ හට
සතියක් ගිය කල
රිටන් කලා ඔබ
නැවතත් පොත මට

පොත දුන් විගසම
කිව්වා ඔබ මට
අන්තිම පිටුවේ
තිබුණා විකාර

ඇහුණම ඒ බස
බිඳුනා හදවත
නැවතත් ඔබ දෙස
බැලුවේ නැත මම

පසුකලකදි නුඹ
හමුවූවා මට
බුකි මිතුරෙක් ලෙස
මතු හැමදාටම....

- නාචි -

No comments:

Post a Comment