Thursday 22 March 2018

වෙනස





කොටුවෙ ස්⁣ටේ
සන් එකට වී
රැජින රජරට
එනතුරා⁣

බලා හිඳිනා
අය හුඟයි අද
කෝච්චිය නෑ
වෙයි පමා

ඒ අතරේ සිටි
යුවලකී සුදු
දෙ⁣තොල් සිඹිමින්
හිනහෙනා

අපේ මිනිසුන්
මැජික් වාගේ
එදෙස බලමින් 
සිටින්නා

මේ අතර එක්
අපේ මිනිසෙක්
නැඟිටගොස්
රෙල් පාරටා

ගැහුවා තදරතු
බුලත්විට කෙල
තුඃ කියා එක
ගැම්මටා

සිපගැනිලි මදකට
නතර කල
යුවල ඒ දෙස
පුදුමෙනා

බලං ඉන්නවා
මැජික් වාගේ
ඔවුනොවුන් දෙස
බලමිනා

- නාචි -

1 comment:

  1. සුපැතුම්...!!!

    සින්ඩියට ඇඩ් කලා

    පෝස්ට් එකේ අකුරු ළොකු කරන්න

    කවි ලියන අනික් බ්ලොග් වලට ගිහින් කොමෙන්ට් එකක් දාලා උන් එක්ක සෙට් වෙන්න...

    ජය වේවා....!!!

    ReplyDelete