Sunday 25 March 2018

අවුරුදු ලඟයි




වෙනදා දොඩවන
කොහාගේ හඬ
ඇයිද මංදා
ඇහෙන් නෑ

වෙනදා වාගේ
කන් පුපුරුවන
අකුණු බක්මහ
ඇහෙන් නෑ

Thursday 22 March 2018

වෙනස





කොටුවෙ ස්⁣ටේ
සන් එකට වී
රැජින රජරට
එනතුරා⁣

බලා හිඳිනා
අය හුඟයි අද
කෝච්චිය නෑ
වෙයි පමා

ඒ අතරේ සිටි
යුවලකී සුදු
දෙ⁣තොල් සිඹිමින්
හිනහෙනා

අපේ මිනිසුන්
මැජික් වාගේ
එදෙස බලමින් 
සිටින්නා

මේ අතර එක්
අපේ මිනිසෙක්
නැඟිටගොස්
රෙල් පාරටා

ගැහුවා තදරතු
බුලත්විට කෙල
තුඃ කියා එක
ගැම්මටා

සිපගැනිලි මදකට
නතර කල
යුවල ඒ දෙස
පුදුමෙනා

බලං ඉන්නවා
මැජික් වාගේ
ඔවුනොවුන් දෙස
බලමිනා

- නාචි -

වැලන්ටයින් ප්ලෑන්ස්



හෙමි හෙමින්
නුඹටත් හොරා මං
මසක් ඇඳි
ප්ලෑන්ස් එකේ

පොයින්ට්ස් ටික
ෂේප් එකේ ගානට
දාලා ඔලුවට
නුඹේ හිතේ

කවමදාවත් යන්නේ නෑ
යැයි දිව්රලා 
කිව්වට 
එහේ

යන්න වෙනවා 
කොහොමහරි අද
දැම්මා මුට්ටිය
නුඹේ හිසේ

නිදහස




රටක කඳුලැලි
සෝ සුසුම් රැලි
නිමා දැමුවන්
කාස්ටකේ

වාසි පැත්තට
ඇබය ගැහුවන්
සැපට පුටුවේ
වාඩිවේ

වතුර




නැතිව ඉන්නට
බැරිව අප හැම
සොයනවා
පණ දාගෙන

තිබුණ කාලෙදි
වගක් උන් නෑ
විසිකලා ඔහෙ
තැන තැන

පරිස්සං කර 
ගත්තේ නෑ 
ඒවායේ පෝෂක
කලාප

කපා දැම්මා
හිතු හිතූ ලෙස
මහා වනයන්
බිමටම