Sunday 25 March 2018

අවුරුදු ලඟයි




වෙනදා දොඩවන
කොහාගේ හඬ
ඇයිද මංදා
ඇහෙන් නෑ

වෙනදා වාගේ
කන් පුපුරුවන
අකුණු බක්මහ
ඇහෙන් නෑ
වෙලාවක් හරියට
නොදන්වා
වහින චුරු චුරු
වැස්ස නෑ
පාරෙ යනකොට
කටට කෙල එන
සුවඳවල් තව
ආවේ නෑ
වතුර සප් එක
දෙන්න සනිකව
පාරෙ තවමත්
රේස් නෑ
⁣ඉන්න තැනකිං
එන්න හනිකට
මට ඉතිං
පාළුවේ බෑ

No comments:

Post a Comment