Thursday 22 March 2018

හිරකාරයාගේ බිරිඳ





පොඩි එකාගේ බෙහෙත් වඩිය
ගන්න සල්ලි නැති හින්දම
මුදලාලිගේ වත්තෙ තිබ්බ
පොල් ගෙඩි වල බර බැලුවට


පොලිසියට දක්කාගෙන
ගියා හොරා හංවඩු කර
දමා ඔහුව සිරගෙදරට
දැම්මා අපිව ගිනිගොඩකට

ගමේ ගොඩේ වටේ පිටේ
මුළු ගමේම හතර කොනේ
ගෑණු මිනිස්සුන් කාරිය
දැක්කෙ අපිව හොරු ගානට
හැම මාසෙම උසාවියට
ඔහු එක්කං එන දවසට
සල්ලි කුට්ටි පොලියට ගෙන
පූජ කරා ලෝයර් හට
ගිය මාසේ ඇප දුන්නම
ඇපේ සල්ලි ගෙවාගන්න
කරාබු වල බර මදිවුනේ
අපේ තිබ්බ මහ කරුමෙට
වැලිකඩ මහ සිරගෙදරට
දමා ඔහුව සිරගත කර
ඇපේ මුදල ගෙවන තුරා
තැබුවා සිරබත් කන්නට
ගිය සතියේ පෝය දවසේ
විසිට් එකට මං ගියාම
සෙනග හිටියෙ හරි හරියට
තමංගේ නම කියනකම්ය
එතන හිටපු ජේලර් තැන
අඬගහගෙන මාව ලඟට
යන්න ඕනිනං විජහට
කතා කරා නිදිවදින්න
- නාචි -

No comments:

Post a Comment