Thursday 22 March 2018


කළු මිනිසුන් සිටිති
සුදු මිනිසුන්ද සිටිති
එය ලෝකයා 
නිශ්චය කරන අයුරුය
නමුත් සත්‍යය නම්
කිසිවෙකු කළුත් නැත
කිසිවෙකු සුදුත් නැත

සියල්ලන්ගේම ජීවිත තුල
කළු සුදු පැති
අඩු වැඩි වශයෙන් පවතී
නමුත්
ලෝකය නුඹව විනිශ්චය කර
කළු හෝ සුදු ලේබලයක්
ගසනු ඇත.
අදාල නැත..
නුඹගේ අඩු වැඩිකම් දන්නේ නුඹ ය
එනම්
නුඹ කළුද සුදුද තීරණය නුඹ සතුය..
අනෙකුන්ගේ ලේබල් ඔවුනට හා
ඔවුන්ගේ අනුගාමිකයන්ටය....
එපමණයි....

නාචි -

No comments:

Post a Comment