Thursday 22 March 2018

එක කතාවක්





ඔඩෙල් එකෙං
ගත්ත
ලිනන්
ෂර්ට් එක

ඇදං
ගෙයිං එලියට
බහිනකොටයි මං
දැක්කේ ඌව

ඌ හිටියෙ
ඉරිච්ච
ඩෙනිමක්
ඇදගෙන

කිලුටු පාට
අත් දිග
ෂර්ට් එකේ
උඩ බොත්තම් ඇරගෙන



දැක්ක ගමං
මගේ හිත ගියා
අතීතෙට

කැම්පස්
යන කාලේ
අපි එක රෑම් එකේ
හිටපු දවස් වලට

ඌයි මායි
එක ෂර්ට් එක
මාරු කර කර
ඇන්ද ඒ කාලෙට

එකට බෝඩ් උස්සං
ධනපති පංතියට
අභියෝග කරපු
රැඩිකල් කාලෙට

කැම්පස් එකෙං
අවුට් වෙනකංම
උගුරේ ලේ රහ
වින්ද අතීතෙට

අද වෙනස්
අපි දෙන්නා
එදාට වඩා
සෑහෙන්න

ඌ එදා විදිහමයි
මං ගිහිල්ලා
වෙනම
පාරක

කතාකරනවද
නැද්ද

එක්ක

කාර් එකේ
දොර ලාවට
ඇරගෙන
හිතුවා මම

අන්තිමට
තීරණයක් අරං
මං
ඒ ගැන

ඌද වැරදි
මංද වැරදි හිතුවා
ඩ්‍රයිව් කරං යනගමං
ඌව පහු කරගෙන

නාචි -

No comments:

Post a Comment