Thursday 22 March 2018

අද පෝය




ලංකාතිලකේ
වැලිමළුව ලඟ
කෝටි 4ක 
ජයමල්ල විකුනන
ස්විප් වෙලෙන්දෙක්.......
ඇතුලේ පොඩි
බණ මඩුවක
මැසිම තියාගෙන
රුපියල් 40ට
අයිස් ක්‍රීම් බෙදන
අයිස් ක්‍රීම් මාමෙක්.........
ගඩලාදෙණියෙ
විහාරෙ ඇතුලෙ
ලොකු සල්ලි දුන්නම
ඉතුරු සල්ලිත් දෙන
පාට පාට
නූල් බඳින
කපු මහත්තයෙක්........
දළදා මාලිගාවේ
පොස් පාට
ගැටිස්සියො
ජංගමෙං
මල් කඩ කඩ
සිල් සමාදන්
වෙන ලස්සන.......
අලු විහාරේ
පෙරහැරක්.....
එතන හිටපු
සාරවිට අයියා
අහනවා මගෙන්
දාන්නද පොඩ්ඩක්
මත්වෙන යමක්.....
ෂුහ්...
පෝය දවසත්
මාර දවසක්.........
- නාචි -

No comments:

Post a Comment