Thursday 22 March 2018

ක්‍රිස්මස්




හැම ගෙදරකින්ම
කටට කෙල උනන
සුවඳින් බඩවල්
පිරෙනවා

ඌරන් කුකුලන්
කෑමොර දෙන හඬ
වැල්ල දිහාවෙන්
ඇහෙනවා
නෑදැයොයි මගේ
යාළු මිතුරු කැල
මදුවිතකින් මුව
තෙමනවා
බාර් එකෙ අයියගේ
ලාච්චු බර වැඩි
හින්දද කිරි කිරි
ගානවා
වැල්ලට කිට්ටුවෙ
කැටපොලෙ ජයටම
ඔට්ටුත් එක එක
වැටෙනවා
මුළු අවුරුද්දම
සරි කරගන්නට
කට්ටිය එතනට
ඇදෙනවා
බූරු පිටියෙ උන්
කිසිවක් දන්නෑ
වාසනාව උර
ගානවා
රෑ වෙනකොට තව
එක එක පැත්තෙන්
හොඳ කුණුහරුපත්
ඇහෙනවා
නත්තල් සීයා
තෑගි ගේනකං
පොඩි උං මග බල
සිටිනවා
ජේසු තුමන් මේ
හැම දෙයක් දිහා
උපේක්සා හිතිං
බලනවා
- නාචි -

No comments:

Post a Comment