Thursday 22 March 2018

වෙසඟන




ඇස් වටේ ගෑ
සායමේ පැහැ
කඳුළු වලින්ම
මැකීලා

දෙතොල් වල ගෑ
පින්තාරු ඇත
ඔහුගේ කමිසේ
ගැවීලා
සුවඳ විලවුන්
පිරුණු ගත ඇත
දහදියෙන් දැන්
පෙඟීලා
සුසුම් රඟදෙයි
දෙතොල් වියලෙයි
තව පැයක් ඇත
සිහිවෙලා
මාස් දිනයත්
පරක්කුයි දැං
දවස් ගානක්
පහුවෙලා
අමුතු බියකින්
හිත පිරි යයි
හේතු ඒ හට
සිහිවෙලා
සීලිමේ කැරකෙනා
ෆෑනයේ
වියලි සුලඟේ
දැවටිලා
පාවෙලා මට
යන්න ආසයි
හැමදේම අත්හැර
තබා
මොණර කොල
හතරක් පහක් ඇත
මේසෙ උඩ
ගුලිකර තබා
පැය දෙකක මගේ
වේදනාවන්
එයට ඇත
සීමා වෙලා
එලඹෙනා ඒ
අඳුරු රාත්‍රිය
ක්ලබ් එකේ අද
ගෙවනවා
උමතු මිනිසුන්
ඇසුරෙහි
උණුසුමක පහසක්
හොයනවා
හොඳට බර ඇති
කෙනෙකුගේ රුව
දෙනෙත් විපරම්
කරනවා
සොයාගෙන රුව
දෙනෙතු අගින්ම
යහන ඇරියුම්
කරනවා
හෙට දිනේ
බිස්නස් එකක් මට
ත්‍රීවිලේ මල්ලී
ගේනවා
එහෙම නැත්තං
හෝටලේ අයියගෙ
ඇමතුමක් මට
ලැබෙනවා
මොණර කොලයක්
ඔවුන් හට
සන්තෝසමක් ලෙස
ලැබෙනවා
ඉතිරි කොල ටික
එකතු කරලා
පොතට අම්මගේ
දානවා
ඇඳුම් මහලා
හම්බ කරනවා
කියලා අම්මා
හිතනවා
මතක් වෙනකොට
ගෙදර දොර මට
දෙනෙත් කඳුලින්
තෙමෙනවා
පූරුවේ කල පවක්
යැයි හිත
හදාගන්නට
බලනවා
මොණර කොල මත
උකස් කල ජීවිතේ
සින්නව
තියෙනවා
නමුදු ගැඹුරුම
තැනක් හෘදයෙ
තවම ආදරෙ
සොයනවා
- නාචි -

No comments:

Post a Comment