Thursday 22 March 2018

වතුර




නැතිව ඉන්නට
බැරිව අප හැම
සොයනවා
පණ දාගෙන

තිබුණ කාලෙදි
වගක් උන් නෑ
විසිකලා ඔහෙ
තැන තැන

පරිස්සං කර 
ගත්තේ නෑ 
ඒවායේ පෝෂක
කලාප

කපා දැම්මා
හිතු හිතූ ලෙස
මහා වනයන්
බිමටම


කොල පාට උන
රට ටිකෙන් ටික
වෙනවා වැලි
කතරක් ලෙස

බලා ඉන්නවා
වගකියන හැම
නොදුටු විලසින්
මේ දෙස

අපේ වරදින්
අපට කෙලවී
ඇති බවත් දැං
දැනගෙන

යදිනවා තව
දෙවියනී අප හට
ලබාදෙනු මැන 
වැස්ස කරුණාකර

- නාචි -

No comments:

Post a Comment