Thursday 22 March 2018

නිදහස




රටක කඳුලැලි
සෝ සුසුම් රැලි
නිමා දැමුවන්
කාස්ටකේ

වාසි පැත්තට
ඇබය ගැහුවන්
සැපට පුටුවේ
වාඩිවේ
⁣දිවි දෙවෙනි කොට
රට රැකපු උං
අදත් ඇති මෙහේ
හාමතේ
මාලිගා වලටම
වෙලා
යුද්ධය කල එවුං
තේජසේ
සෙබළුන්ගෙ
බුහුමන් ලබන්නට
දේස පාළුවෝ
ප්‍රීතියේ
⁣උදේ අහරත් බඩට
නොවැටුන
විරුවෝ ඇත මේ
පෙරටුවේ
උං ඔවුන්ගේ
ගෞරවය පුද
දෙන විටදි
නිදහස් දිනේ
නිදි කිරනවා
සැපට ඉඳගෙන
සමහරුන් අර
ටෙන්ට් එකේ
නිදහසේ හරි
අරුත මෙයදැයි
සිතුනි මට
නිදහස් දිනේ
වෙන දෙයක් නොව
වෙනස් නොවෙනා
ගතිය මෙය අපෙ
සිංහලේ
වීරයන් සිය දිවි
පුදද්දී
පඹයෝ රජවේ
තේජසේ
- නාචි - NaaChi -
special thanks - Pruthawi Dulanga

No comments:

Post a Comment