Thursday 22 March 2018

සොඳුරු මතක




මතක නැතිවද
එක්ව ගතකල
සොඳුරු දිනයන්
ඔබ හට..

දෙඅත් පටලා
ආදරෙන් පෙම්
බස් දොඩාපුව
කාලය....
සිහිනයක් මෙනි
තවම මටනම්
සිදුවුයේ කිම
අපහට....
කාගේ හෝ ඇස්
වහක් වැදුනද
නොදනිමි මං
අපහට....
සිතින් ලඟ මුත්
ගතින් ඔබ දුර
බව සොඳුර මං
දන්නවා...
එමඳු මගේ හිත
ඔබ මගේ නොව
ඔහුගෙ බව පිලි
නොගනවා...
මගේ වීලා
ඔයා සිටියේ
පොඩිම පොඩි කා
ලය උනත්.....
කල්පයක් අප
එක්ව සිටි බව
මටම හැඟෙනා
අරුමය.....
ඔයා වෙනුවෙන්
හදේ තෙරපෙන
ආදරය ඔබ
දනීනම්.......
නොයයි ඔබ කිසි
දිනෙක හැරදා
මා දමා ඔබ
ඔහු වෙත.....
මගේ මතකෙන්
නොයයි කිසිදා
සොඳුර ඒ දින
කීපය...
තුති පුදමි
ලස්සන කලා ඔබ
මගේ ඒ දින
කීපය......
- නාචි -

No comments:

Post a Comment