Thursday 22 March 2018

මගේ එකී


❤️

රණ්ඩු
අල්ලන
එකමයි
වැඩේ

මාත්
එක්ක
හැම
එකටම

මොලේ
හොද
නැද්ද
මංදා

සිරාවට
වෙලාවකට
හිතෙනවා
ඒම


ඉස්සර
වගේ
නෙවෙයි
ඔයා

කටේ
තියෙන්නෙම
ඒ වචන
හතර

මට
නං
තේරෙන්නෙ
නෑ

ඉස්සරයි
දැනුයි
මොකද්ද
වෙනස

වෙලාවකට
හරි
විකාරයි
මට

එයාම
තරහාවෙලා
එයාම
අහනවා

අනේ
මේ
ඔයා
තරහද

දෙන්න
හිතෙනවා
විසික්
වෙන්න

එහෙම
අහනකොට
නං මට
සිරාවටම

යාළුවෙක්ව
හම්බෙන්න
යන්න කලිං
මට

බොන්න
එපාලු
අරකයි
මේකයි

උපදෙස්
අහන්නෝනි
එයාගෙ
සෑහෙන්න

මලත්
පනිනවා
එතකොට
නං මට

හා හා
කියලා ගිහිං
ෂේපට බොනවා
ඒත් මම

ස්ටේටස්
එහෙක
එයා බලන්නෙම
හාට් ගාන

හාට් දාපු
කෙල්ලංගෙ
අම්මා මුත්තා
ගැනත්

දැනගන්න
ඕනි
එයාට
විස්තර

එයා
තරහ
උනොත්
හෙම

යාළුවෙන්නෑ
මොනාකරත්
හෙන
වෙලාවකට

ඒත්
මං
තරහා
උනාම

ඔට්ටු නෑලු
ගොඩක් වෙලා
තරහාවෙලා
ඉන්න

උගෙ
අප්පගෙ
කතාවක් නෙ
යකෝ ඒක

හිතුවට
කියන් නෑ
ඉතිං මං
එයාට

යාළුවංගෙං
අහන්නත්
ලැජ්ජයි
මට

උංගෙ
කෙල්ලොත්
හැසිරෙන්නෙ
මේ විදිහටද

මගේ
එකී නම්
මෙහෙමයි
බං

උඹලගේ
එවුනුත්
මෙහෙමද
හැබෑට

නාචි - NaaChi -

No comments:

Post a Comment