Wednesday 21 March 2018

ස්ටේසන් රවුම






අව්වයි
සෑහෙන්න
වැහි වලාකුලු
තිබ්බට

ජෑම්
ගහට
පිංසිද්ධ
වෙන්නට

හෙවනක්
තියනවා
යංතං
මෙතන්ට


කොන්ක්‍රීට්
රවුමේ
වාඩිවෙලා
මම

එයා
එනකං
මෙතන
හෙන කට්ටක

ක්ලාස්
ඇරිලා
කට්ටිය
යනවා

නිකං
දෙන
හෑන්ඩ් බිල්
අරගෙන

කැම්පස්
කොල්ලො
කෙල්ලො
සෙට් එකක්

පෑන්
විකුණගන්න
හෙනම
ගේමක

උනුත්
සමහරවිට
යන්න
ඇති

රොටරියෙ
වලේ
ක්ලාස්
එකට

ඊලඟ
දුම්රිය
දෙකයි තිහ
පාදුක්ක

මයික් කට
කෑගහනවා
ස්ටේස⁣මේ
තියෙන

කොල්ලො
තුන්දෙනෙක්
වේලෙනවා
මෙතන

කෑල්ල
එනකං
ෆෝන්
ඔබ ඔබ

කෙල්ලො
දෙන්නෙක්
හෙන
කයියක

ටෙලියක්
ගැනද
කොහෙද
ඇහෙන විදිහට

කොල්ලො
සෙට් එකක්
රැස්වෙලා
මෙතන

හෙන
කතාවක්
ගවුම් වලියක්
ගැන

එකට
එනවා
කිව්ව
එයා

දෙකත්
පහුවෙලා
ආවේ නෑ
තාම

ඉක්මන්ට
අනේ
ඔයා
එනවද

වැස්සක්
දෙන්න
වගේ් මෙහෙ
අහස

නාචි - NaaChi 
-

No comments:

Post a Comment